HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

Samsung I9500 Galaxy S4 ගැන දැනගන්න



හලෝ යාලුවනේ.හද්ද කාලෙකින් තමයි මට පෝස්ට් එකක් දාන්න කාලයක් සෙට් උනේ.අපිට ඉතින් දැන් වෙනද වගේ නිදහසේ ඉන්න කාලයක් නෑනේ අෆ්ෆා.යාන්තම් කලාතුරකින් වගේ තමයි ගෙදර ඉන්නෙ.ඒ ඉන්න වෙලාවටත් නොයෙකුත් වැඩ යෙදෙනව.ඔය අස්සෙ තමයි ඉතින් අපිට පෝස්ට් එකක් දාන්න කාලය ඉතුරු කරගන්න වෙලා තියෙන්නෙ.හරි හරි ඉතින් ඔන්න නිදහසට කාරණා සෙට් එකක්ම කිව්ව.:පි


හොදයි ඉතින් ඔන්න මම අද ඔයාලට ගෙනාවෙ සොෆ්ට් කෑල්ලක්වත් වෙනත් ට්‍රික්ස් එකක් ගැනවත් නෙමෙයි.අලුතින්ම ස්මාට්ෆෝන් ලෝකයට එන්න තියෙන පොඩි බඩ්ඩක් ගැන කියන්න.ඒක ගැන ඔයාලත් දැනටමත් හෙන හෙන Concept(සංකල්ප) අහල ඇති නේ මේක ගැන..

ඒත් ඉතින් අපි හිතන තරම් යකා කලු නෑනෙ.ඒ සංකල්ප වල තියෙන හැටියට ෆෝන් එකක් නෙමෙයි ඉතින් හදන්න වෙන්නෙ.වෙන වෙන සුපිරි බඩු තමා.:පි මේක තමයි සැම්සුන්ලගේ ගැලක්සි කාණ්ඩයේ S4 කියන ස්මාට්ෆෝන් එක.ගොඩක් අය නම් මේක එන්නෙ කවදද කියල දින ගැන ගැන ඉන්නවා වගේම ලංකාවෙ නැති උනාට සමහර රටවල සමහරු නම් දැනටමත් ඒක ගෙන්නන්න ඕඩර් දීල තියෙන්නෙ.

සැම්සුන් සමාගම ගැලැක්සි S4 එක ජනතාව අතර බොහෝ සෙයින් ජනප්‍රිය වනු ඇතැයි දැනටමත් අනුමාන කර අවසානයි.ඒකට හේතුව තමයි එයාලගේ ගිය වසරේ ආපු Galaxy S3 එකටත් බොහෝමයක් හොද ප්‍රතිචාර ලැබුනා වගේම බොහෝමයක් ජනතාව දැනටත් තමන්ගේ ජංගම දුරකතනය වශයෙන් බාවිතා කරනවා.

මෙම ස්මාට්ෆෝන් එකෙහි කේත නාමය වශයෙන් I9500 සැම්සුන් සමාගම බාවිතා කරනවා.බැලූ බැල්මට මෙහි වැඩි වෙනසක් දැකීමට නොහැකි වන අතර Galaxy S3 හා Galaxy Note 2 හි අතර මැදියක් වශයෙන් දැක ගැනීමට හැකියාව ඇත.ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයිම් පද්දතිය පාදක කොටගෙන නිපැයු ගැල්ක්සි මාදිලි අතරට අලුතින්ම එක්වන්නේ Galaxy S4ය.මෙහි මෙහෙයුම් පද්දතිය වශයෙන් දැනට පවතින නවීනතම ඇඩ්‍රොයිඩ් සංස්කරණය වන 4.2.2 (Jelly Bean) බාවිතා කර තිබෙනවා.සාමාන්‍ය වශයෙන් ස්මාට්ෆෝන් එකක පැවතිය යුතු සෑම ගුණාංගයක්ම පාහේ මෙහි අඩංගු වෙනවා.



Display

මීට පෙර පැම්ණි Galaxy S3 දුරකතනයෙහි 4.8inches ප්‍රමාණයට වඩා තරමක් විශාල වන පරිදි 5.0inches ප්‍රමාණයට Galaxy S4 දුරකතනයෙහි Display එක නිපදවා තිබෙනවා.Galaxy S3 දුරකනයේ මෙන්ම Galaxy S4 හිද Super AMOLED ටච් ස්ක්‍රීනයක් යොදාගෙන තිබෙනවා.

නමුත් මෙහි විශේශය වන්නේ Galaxy S3 දුරකතනයේ නොතිබූ 1080p(1920 x 1080 pixels) හෙවත් Full HD Display එකක් Galaxy S4 වෙත බාවිතා කර තිබෙනවා.වඩාත් පැහැදිලි ලෙස ඔබගේ වීඩීයෝ හෝ පින්තූර ආදිය නැරබීමට මෙම Display එක උපකාරී වෙනවා.

දැන් එන හැම මගුලම එන්නෙ Full HD නෙ.ඉතින් ඒවා වල කොලිටි(Quality) එක අඩු නොවී බලන්න තමයි මේ Display එක උදවු වෙන්නෙ.මෙම Galaxy S4 වල බාවිතා වෙන Display එකේ පික්සෙල් වල ගණත්වය හෙවත් ppi(Pixel Per Inch) ගණන මෙතෙක් පැමිණී සියලු ගැලැක්සි මාදිලි මෙන්න iPhone මාදිලි අබිබවා යමින් එහි අගය 441 දකවා වැඩි දියුනූ කොට තිබෙනවා.

මෙම Display එකහි ආරක්ශාවට මෙතෙක් ගැලැක්සි මාදිලි වල බාවිතා වු Corning Gorilla Glass 2 වෙනුවට Corning Gorilla Glass 3 පැමිණ තිබෙන අතර ඔවුන් පවසන අන්දමට මෙම Display එක ඉතාමත් ශක්තිමත් මෙන්ම පහසුවෙන් නැමෙනසුලු අතර බිදි යාමට ඇති ඉඩකඩ අඩු බවයි.


Memory

ස්මාට්ෆෝන් හැම එකකම වගේ ලොකු මෙමරියක් තියෙන්නෙ ඕනි කියන එක ඇත්ත කතාවක්.අපිට හැම වැඩක්ම කරගන්න පුලුවන් වෙන්න ඕනි වගේම අපිට ඕනි හැමදෙයක්ම වගේ තියාගන්න පුලුවන් වෙන්නත් ඕනි.ඉතින් මේකට වැඩි ඉඩකඩක් අවශ්‍ය වෙනවා.ඉතින් මේකට හොද විසදුමක් හැමදාම ගැලැක්සි මාදිලි ගේනවා.ඉතින් Galaxy S4 එකෙත් සුපුරුදු පරිදි Internal Memory එක 16GB/32GB/64GB වශයෙන් මාදිලි කිහිපයකින් නිකුත් කරන අතර තව ඕනිම නම් අපිට Chip එකක් ගහගන්න පුලුවන් වෙන්න Card Slot එකකුත් එනවා.ඒකෙත් 64GB වලට වගේ යනකම් අපිට චිප් ගහන්න පුලුවන්.


Data Technology 

Galaxy S4 ස්මාට්ෆෝන් එක 4G LTE තාක්ශණයෙන්ද හෙබිය.HSDPA ජාලයක් තුල 42.2Mbps වේගයක් ලබාගත හැකි බව සැම්සුන් සමාගම දන්වා තිබෙනවා.4G ජාලයක් තුල 100Mbps ඩවුන්ලෝඩ් වේගයක් හා 50Mbps අප්ලෝඩ් වේගයක් ලබාගත හැකි බව සැම්සුන් සමාගම තහවුරු කර තිබෙනවා.
එය කාලීන වශයෙන් ඉතාමත් අත්‍යවශ්‍ය අංගයක් බව ඔබ සියලු දෙනාම දන්නවා.සුපුරුදු Bluetooth 4.0 තාක්ශ්ණයෙන් හා wifi තාක්ශණයෙන්ද මෙම ස්මාට්ෆෝනය සපිරිය..එමෙන්ම Galaxy S3 හි හදුන්වා දෙන ලද NFC(Near Field Communication) තක්ශණය මෙම Galaxy S4 හිද අන්තර්ගතය..එය සුපුරුදු ලෙස (S-Beam) ලෙස ඔවුන් නම් කොට තිබෙනවා.


Features

Galaxy S4 හි එන ප්‍රොසෙසරය තවමත් නිශ්චිත අයුරින් ප්‍රකාශ කර නොමැති අතර එය Qualcomm සමාගම විසින් නිශ්පාදනය කරන ලද Quad Core 1.9GHz ප්‍රොසෙසරය හෝ සැම්සුන් සමාගම විසින් නිශ්පාදනය කරන ලද 8 Core Samsung Exynos 5 Octa 1.6GHz ප්‍රොසෙසරය බාවිතා කරනු ඇත.එය කුමක් උවත් Galaxy S4 හි පැමිණෙන ප්‍රොසෙසරය ඉතාමත් බලසම්පන්න එකක් වන බව ඔවුන් සනාත කර තිබෙනවා.Galaxy S4 හි RAM එක හෙවත් තාවකාලික මතකය Galaxy S3 වල මෙන් නොව 2GB වන පරිදි ඔවුන් සකස් කර ඇත.Multi Tasking කටයුතු සදහා ඉතාමත් උචිත වන අයුරින් මෙය නිමවා ඇත.


Camera

ස්මාට්ෆෝන් එකක අපිට තිබිය යුතු අනෙක් අත්‍යවශ්‍යම අංගය වන්නෙ එහි ඇති කැමරාවයි.කැමරාවක් නම් ඉතින් කට්ටිය මුලින්ම අහන්නෙ ඒකෙ මෙගාපික්සෙල් කීයක් තිබේද යන්නයි.ඉතින් මෙගා පික්සෙල් ගාණ වැඩි නම් හොදයි කියල හිතෙන අයට සැම්සුන් සමාගම මේපාර ලොකු වෙනසක් කරල තියෙනවා.ඒ වෙනදා ඔවුන් 8MP වශයෙන් ලබා දීපු කැමරාව මේපාර 13MP දක්වා වැඩි දියුණු කරල තියෙනවා.ඒක විශාල දියුණුවක් ලෙස දකින්න පුලුවන්.මෙගා පික්සෙල් ගණනින් විතරක් නෙමෙයි කැමරාවෙ කොලිට් එක අතිනුත් හොදයි කියල සැම්සුන් සමාගම නම් කියන්නෙ.


සෝනි සමාගමට හොද අබියෝගයක් දෙන්න තමයි මේක ඔවුන් කරල තියෙන්නෙ කියලයි මගෙ නම් අදහස.සෝනි සමාගම ඔවුන්ගේ Xperia Z ස්මාර්ෆෝන් එක නිකුත් කිරීමේදි කරන ලද 1080p Full HD Display,13MP Cam,2GB RAM ආදියට හොද තරගයක් දීමට Galaxy S4 හි වෙනස්කම් සිදුකරන්නට ඇතැයි මගේ මතය.හරි මේකෙ කැම් එකේ 4128 x 3096 pixels ප්‍රමාණයක් පික්සෙල් ඇත.එමෙන්ම මෙතෙක් සැම්සුන් සමාගම බාවිතා නොකරන ලද HDR තාක්ශණයද මෙම ස්මාට්ෆෝන් එකට දාල එවලා තියෙනවා.

එමගින් අපිට ඉතාමත් ඉහල ගුණංග වලින් හෙබි චායා රූප ගැනීමට හැකියාව තිබෙනව.මුලින්ම මෙම තාක්ශණය ජංගම දුරකතන වල බාවිතා කරන ලද්දේ iPhone නමුත් එම හැකියාව වැඩි දියුණු කර ඇතැයි සැම්සුන් සමාගම පවසනවා.තව බොහෝමයක් ගුණාංග කැමරාවේ වෙනස්කොට ඇති අතර ඒවා පිළිබද වැඩිදුර තොරතුරු මෙතෙක් නිළ වශයෙන් සැම්සුන් සමාගම ප්‍රකාශයට පත් කොට නැත.Dual Shots ගැනීමෙ හැකියාවද ලබා දි ඇත.

Secondary Camera

ඉදිරිපස වීඩියෝකෝල් කැමරාව හෙවත් Secondary Cam එකත් පැහදිලි වෙනසකට ලක් කර තිබෙනවා.ඉදිරිපස කැමරාව 2MP ලෙස ඔවුන් Galaxy S3 හි තිබූ 1.9MP කැමරාව වැඩි දියුණු කොට තිබේ.එමෙන්ම Galaxy S3 හි ඉදිරි පස කැමරාවෙන් 720p වීඩීයො දසුනක් ලබාදුන්නද Galaxy S4 මගින් එය 1080p දකවා වැඩි දියුණූ කර තිබේ.

එමෙන් Dual Video Call ගැණිමෙ නව හැකියාවක් Galaxy S4 ස්මාට්ෆෝනයට ලබා දී ඇත.එය ඉතාමත් සුවිශේශී වෙනස්කමකි.
Galaxy S3 හි අඩංගු Mali-400mp GPU එක වෙනුවට නව PowerVR SGX 544MP3 ඔවුන් Galaxy S4  වෙත ඔවුන් එකතු කොට ඇත්තේ නවීන පන්නයේ ගේම්ස් වලට හා නව වීඩියෝ අදියෙහි තීවූතාව වැඩි දියුණු කිරිමටය.

Battery And Other Specs

Galaxy S3 හි පවතින Li-Ion 2100 mAh battery එක වෙනුවට නව බල ස්ම්පන්න Li-Ion 2600 mAh battery යක් ඔවුන් Galaxy S4 වෙත ඉදිරිපත් කොට ඇත.එමගින් දවස්ක් පුරාවට ඔබට ඕනැම කටයුත්තක නියලිය හැකි බවයි ඔවුන් පවසන්නෙ.නමුත් මගේ මතය නම් බැටරි එක මදි කියන එක තමයි ඉතින්.ලොල් :පි Galaxy S4 එකේ බර 130 g (4.59 oz) වන අතර Galaxy S3 133 g (4.69 oz) එකේ බර වේ.එම නිසා බරින්ද Galaxy S4 එක ජයග්‍රහණය කරනවා.මහතින් Galaxy S4 එක 7.9mm වන අතර Galaxy S3 එක 8.6mm වනවා.ඉතින් තව කවර කතාද.ලොල් ආයිත්. :පි මේකෙ වෙළද පොළ මිල ගණන් තාම නිකුත් කරල නෑ.නිළ වශයෙන් සියල්ලක්ම වගේ නිකුත් කරන්නෙ මේ මාසේ 22 වෙනිදා තමයි.එදාට බලල මම මිළ ගණනුත් දාන්නම්කෝ..

මෙන්න තියෙනවා Official Commercial Ad එක සැම්සුන් සමාගමෙන් නිකුත් කරන ලද.කට්ටිය බලන්නකො.තනි ඇහැට ඇඩෙනවා.. :'(



ඔන්න ඉතින් මම දන්න දේවල් ඔයාල්ට කියල දුන්න.කිසිම දෙයක් තියාගත්තෙ නැ.මම Galaxy S4 එක ගැන හිතන්නෙ නම් ඉතාමත් හොද තාක්ශණයකින් හෙබි නවීන පන්නයේ හොද ස්මාට්ෆෝන් එකක් කියල.මම කැමති නැහැ අයිෆෝන් එකක් එක්ක ඇන්ඩ්‍රොයිඩ් එකක් සන්සන්දනය කරන්න.ඒත් මේක ඇපල් සමාගමට හොද අබියෝගයක් වනවා නියතයි.ඔයාල මේක කියවලා මගේ වැරදි අඩු පාඩු එහෙම තියෙනව නම් කොමෙන්ට් එකක් දාල කියන්න.ඉතින් යාලුවනේ මගේ අදට කාලය ඉවරයි.පසුවට අලුතින් එන්න තියෙන සහ තව තව එව්ව මම දාන්න බලාපොරොත්තු වෙනවා.මම මේක ලියන්න හෙන කට්ටක් කෑවා.ඉතින් මට කොමෙන්ට් එකක් දාල යන්න ඈ..  :) එහෙනම් මම කැපුනා ටටා බායි.පස්සෙ තවත් වැදගත් පෝස්ට් එකකින් සෙට් වෙමු.. :ඩි




                                                                                  **xoxo**
                                                                                     **RcG NetwOrkZ**

13 comments:

desh දේශ් said...

(Y)

Vishwajith said...
This comment has been removed by a blog administrator.
RçG ÑëtwÖrkz said...

ThXxx Comment karapu kattiyatama..digatama apith ekka touch eke inna.. :) :)

Unknown said...

එල එල.. පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා..මටත් එකක් ගන්න ඕනේ.. කෝ ඉතින් සල්ලි.. හයියෝ සල්ලි.. :,(

Unknown said...

tnx macho

Unknown said...

kiyada ban meka

milanaoj96 said...

Mata htc one eka camera eka gane theren na gsmarena eka tiyenna 4mp kiyela methane tiyenna 4 ultrapixel mata eka theren na mata kiyela denavada a vagema galaxy s4 ekada cam eke hoda htc one ekade kiyanna thava galaxy s4 phone ekade hoda htc one ekade kiyanna man me deken ekak gannava mata hoda eka ganna one ekayi plz kiyela denna

RçG ÑëtwÖrkz said...

@milanaoj96 :mage nam kamaththa HTC One eka thamai bro..HTC One review eke mama dala thiyenawa Megapixel and ultrapixel wala wenasa..Gsmarena eke dala thiyenawa waradi..4MP nemei..eth thama 4GP kiyala danna puluwanda kiyana eka prashnayak hinda thamai eyala 4MP Kiyala dala thiyenne :) :)

milanaoj96 said...

Machan man eka baluwa machan samsung s4 ekada hoda htc one ekada bn cam eka colity s4 ekada hoda htc one ekada bn oya kiuwa 4gp kiyela eka varadiyi neda poddak balanako machan 4up neda anna one bro htc one eka 4g lte tiyena ekayi nati ekayi kiyela dekak na neda bn s4 eka nam ehema tiyenava neda poddak mata visthere kerela kiyenavada bn mata ekak ganna one bn ekayi mata kiyela denavada

milanaoj96 said...

Htc one eka onama phone ekak ekka blutooth send keranna puluwanda bn

milanaoj96 said...

Security sytem ekak nadda bn iphon vela vaga ekama jathiye brand velet vitherak nadda ahema nadda bn onama phone eka send keranna puluwanda bn

RçG ÑëtwÖrkz said...

@milanaoj96 :Sorry bro..mata waraduna..UP kiyana eka thamai.. :) :) Extremely Sorry For that..:( Na bro..iPhone wala wage ehema security ekak na..oona android or bluetooth thiyena ekak ''apple'' arenna..file share karanna puluwan..Cam eka athin mokakda hoda kiyala kiyanna amarui bro..Low light walata nam One eka hodai..eth samahara welawata nam S4 eka hodai.. :/ Performance nam One eka hodai..meka mage mathaya.. :) :) waradda pennala dunnata bohoma sthuthi..T :) :)

milanaoj96 said...

Machan hugak aye kiyenava htc one ekalu hoda s4 ekat vada htc one eka s4 ekat vada vade kali atinuth vadiyi neda bro s4 eka s3 ekat vada poddak ne venas kerela tiyenna ath htc one eka amuthu look ekak tiyenava neda bro oya danne nadda htc one eka aduvet genna ganne puluwan thanak bro dannavanam kiyenavada oyata hari puluwanam aulak na bro man ekak ganna enna

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS