HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

HTC One ගැන ඔයාල දැනගතයුතු හැමදේම



කොහොමද කට්ටිය.දවස් කිහිපයකට පස්සෙ ඔන්න අදත් මට පෝස්ට් එකක් දාන්න කාලයක් සෙට් උනා.ඉතින් මම අද ඔයාලට ගෙනාවෙ සොෆ්ට්වෙයාර් එකක් හරි ජිල්මාට් එකක් හරි නෙමෙයි.ගියපාර මම ඔයාලට ගෙනාව Samsung Galaxy S4 එක ගැන.ඒවා ඉතින් සුපිරි ස්මාට්ෆෝන් තමා.මම අද ඔයාලට ගෙනාවෙ HTC සමාගමෙන් ගහපු HTC One එක.ඇත්තටම දැනට තියෙන සුපිරිතම ස්මාට්ෆෝන් අතර ප්‍රථම ස්තානය මේකට ලැබිල තියෙනවා.මේ පාර HTC සමාගම ඒ අයගේ සාම්ප්‍රධායික HTC ස්මාට්ෆෝන් හැඩයෙන් ඔබ්බට ගිහින් අමුතුම ලුක් එකක් තියෙන නවීන පන්නයේ ෆෝන් එකක් නිර්මාණය කරල තියෙනවා.කට්ටිය නම් කියන්නෙ ඉතින් ඇපල් සමාගමේ හැඩය සහ සැම්සුන් සමාගමේ සංකල්ප බාවිතා කරල මේක නිපදවා තියෙනවා කියල තමයි.
හැබැයි ඉතින් HTC සමාගම නම් කියන්නෙ ඒ අය නවීන සංකල්ප බාවිතා කරල මේක නිපදෙව්වා කියල තමයි.

හරි පොඩි හැදින්වීමක් කරපු හින්දා දැන් මම මේකෙ තියෙන වාසි සහ නව විශේශාංග මොනාද කියල ඔයාලට  කියන්නම්.HTC One එක HTC සමාගමේ කලින් ආපු HTC One X,HTC One S කියන මාදිලි වලට වඩා හාත්පසින්ම වෙනස්.ඇත්තම කිව්වොත් ෆට්ට ලුක් එකක් තියෙනවා.ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියක් බාවිතාවන මෙහි v4.1.2 හෙවත් ජෙලිබීන්(JellyBean) ප්‍රථම සංස්කරණය අඩංගු වන අතර එය v4.2.2 හෙවත් ජෙලිබීන්(JellyBean) දෙවන සංස්කරණය දක්වා අප්ග්‍රේඩ් කිරීමෙ හැකියාව පවතිනවා.ඒ ආකාරයට දැනට පැවසුවද පසුව නවීන 5.0 දක්වා අප්ග්‍රේඩ් කිරීමේ හැකියාව පවතී).ස්මාට්ෆෝන් එකක් සතු ඉහල ගුණාංග සියල්ලක්ම පාහෙ මෙහි අන්තර් ගත වෙනවා.මෙම ස්මාට්ෆෝනය අතට ගත් විට ඉතාම අතට පහසුවක් හා පහසුවෙන් නොලිස්සන සුළු බවක් ඇත.


Display

මීට කලින් පැමිණි HTC මාදිලි වල අඩංගු නොවු 1080p(1080x1920pixel) හෙවත් Full HD Display එකක් මෙම HTC One හි අන්තර්ගත වෙනවා.එමගින් සුපැහැදිලි වඩාත් ඉහල තීවුර්තාවයකින් යුත් රූප අපට නැරඹීමට හැකියාව ලැබෙනවා.එමෙන්ම මෙහි ppi අගය කලින් මා ඉදිරිපත් කල Samsung Galaxy S4 එක අබිබවා යනවා.එනම් මෙහි 469ppi වන අතර Samsung Galaxy S4 හි අඩංගු වන්නේ 441ppi පමණි.
මෙහි Display එකෙහි ප්‍රමාණය 4.7inches පමණ වනවා.එමෙන්ම මෙම ස්ක්‍රීන් එක Corning Gorilla Glass එකකින් සහ HTC සමාගමේ Sense UI(User Interface) v5 වලින් සම්ප්‍රයුක්ත වේ.මෙයද මල්ටි ටච් ස්ක්‍රීන් එකක් වන අතර ඇගිලි 10කට පමණ සංවේදී වන බව HTC සමාගම පවසනවා.


Memory

දැනට වෙලදපොළෙ තියෙන සෑම ස්මාට්ෆෝන් එකක් වගේම HTC One එකේද විශාල මතකයක් අඩංගු වනවා.එහිදී මෙම HTC One ස්මාට්ෆෝනය 32GB සහ 64GB යන මාදිලි දෙකකින් ඔබට මිළදී ගන්න පුලුවන් වෙනවා.නමුත් මෙම HTC One ස්මාට්ෆෝනයට Card Slot එකක් එවලා නෑ.ඒ කියන්නෙ මේකට අපිට SD Card සවිකරන්න බෑ.ඉහත මම සදහන් කරපු මාදිලි 2 අඩංගු 32GB සහ 64GB කියන Internal Memory එක විතරයි මෙහි අඩංගු වෙන්නෙ :(


Data Technology

මෙම HTC One ස්මාට්ෆෝන් එකෙහිද නවීන 4G LTE තාක්ශනය අඩංගුය.මෙමගින් HSDPA 42.2Mbps ලබාගත හැකි බව HTC සමාගම පවසනවා.එමෙන්ම මෙහි HSPA+ තාක්ශණයද අඩංගු වනවා.4G ජාලයක් තුල 100Mbps ඩවුන්ලෝඩ් වේගයක් සහ 50Mbps අප්ලෝඩ් වේගයක් ලබාගත හැකි බවද HTC සමාගම සනාථ කර තිබෙනවා.Wi-Fi හා W-LAN මෙන්ම Wifi HotSpot Tethering තාක්ශන වලින්ද මෙය අනූනය.Wifi Tethering ගැන ඔයාල දන්නව ඇති කියල මම හිතනවා.එමෙන්ම 4.0 Bluetooth තාක්ශණයෙන් හා නවීන NFC තාක්දණයෙන්ද මෙම ස්මාට්ෆෝනය අන්තර්ගත වේ.



Features

මෙම HTC One හි Qualcomm සමාගම විසින් නිශ්පාදිත Snapdragon 600 Chipset එකක් අඩංගු වේ.එමෙන්ම මෙහි ඉතා බලසම්පන්න Quad Core 1.7GHz Krait 300 යන ප්‍රොසෙසරයක්ද අඩංගු වේ.එමගින් මල්ට් ටාස්කින් හෙවත් එකවර කර හැකි වැඩ ප්‍රමාණය වැඩි වේ.එමෙන්ම ඇප්ලිකේශන් ආදිය ලෝඩ් වීමට ගතවන කාලය බොහෝ සෙයින් අඩු වන බව HTC සමාගමේ මතය වේ.

එමෙන්ම මෙම ප්‍රොසෙසරය අනෙකුත් ස්මාට්ෆෝන් වලට විශාල අබියෝගයක් වනවා නියතයි.ඒ අතරම මෙහි අඩංගු තාවකාලික මතකය හෙවත් RAM ධාරිතාව 2GB වන අතර එමගින් විශාල කාර්ය්යක් කර ගත හැකි බවට හා කිසිදු ඇප්ලිකේශන් එකක් Crash නොවී බාවිතා කර හැකි බවත් HTC සමාගම මෙන්ම බොහෝ Reviews මගින්ද සනාථ කරයි.

මෙහි අඩංගු GPU එක වශයෙන් Adreno පවුලේ 320(Code Name) වන GPU එක යොදාගෙන තිබෙනවා.මෙම Adreno 320 GPU එක මගින් දැනට ඇති නවීන FULL HD වීඩියෝ නැරඹීම වගේම නවීන Games ආදිය ඉතාමත් ත්‍රිමාණ මෙන්ම සජීව ආකාරයකින් සෙල්ලම් කිරිමට හැකියාව ලැබෙනවා.FULL HD වීඩීයෝ නැරඹීමේදී HW+ විදියට වීඩීයෝ Decode කිරීමේදී මෙමගින් විශාල සහායක් දක්වයි.

HTC සමාගම මෙවර ඉතා ආකර්ශණීය ලෙස Blink Feed නම් නව අංගයක් HTC One හි Home Screen එකට එකතු කර තිබෙනවා.එමගින් අප බාවිතාකරන නිතර බාවිතා කරන ඇප්ස්(Social Networks:- Facebook,Twitter,Myspace,Google+) ආදිය ලබා දී ඒවායේ නවතම Updates(News Feeds) ආදිය එකවර Home Screen එක ඉහලට Scroll කිරීමෙන් බලාගත හැකි වන පරිදි සකසා තිබේ.එය ඉතාමත් දැකුම් කළු සහ වැදගත් අංගයක් බවයි ඔවුන් පවසන්නෙ.


මෙවර HTC සමාගම විසින් Boom Sound වශයෙන් නම් කරමින් ඉදිරිපස ස්පීකර් දෙකක් වන පරිදි ඉතාමත් සුපැහැදිලි HQ(High Quality) Audio Output එකක් ලබා ගැනීමට හැකි වන පරිදි ඔවුන්ගේ Output Speakers සකසා තිබෙනවා.

තවත් මෙහි ඇති සුවිශේශී විශේශාංගයක් වශයෙන් Remote Control කියන්න පුලුවන්.ඇත්තටම ඒක බොහෝම වටින කියන අංගයක් ලෙස මට කියන්න පුලුවන්.මෙමගින් අපගේ රූපවාහිනියේ(Smart TV එකක් වෙන්න අවශ්ය නෑ.පරණ TV එකක උනත් පුලුවන්) චැනල් මාරුකිරීම එමෙන්ම ශබ්දය පාලනය,ක්‍රියාත්මක කිරීම,විසංදි කිරීම වශයෙන් තවත් බොහෝ දෑ කරන්න පුලුවන්.ඒකෙ වෙන්නෙ ෆෝන් එකෙ තියෙන Infared Port එකකින් තමයි. :ඩි 




Camera

Primary Camera:-

ස්මාට්ෆෝන් තරගයේ ඉතාමත් වටිනා තීරණාත්මක සාධකයක් ලෙස Camera එක ගන්න පුලුවන්.දැන් දැන් ස්මාට්ෆෝන් තුල අධි තාක්ශණික Camera බාවිතා වෙනවා.ඉතින් HTC One හි Camera එක ගැන සැලකීමේදී අනෙකුත් ස්මාට්ෆෝන් මෙන් නොව මෙහි වෙනත් ආකාරයේ කැමරාවක් බාවිතා වනවා.

දැනට පවතින සුපිරි ගණයෙ අනෙකුත් ස්මාට්ෆෝන් වල කැමරාවට බාවිතා වන්නෙ Megapixel වේ.
එහෙදි උදාහරණයක් වශයෙන් එකිනෙකා පරයමින් නැගී සිටීමට Samsung Galaxy S4 හි අඩංගු 13MP කැමරාව හා ‍Xperia Z හි අඩංගු 13MP කැමරාව ගත හැක.නමුත් මීට හාත්පසින්ම වෙනස් UltraPixel බාවිතාවන කැමරාවක් HTC සමාගම විසින් මෙම HTC One හි අන්තර්ගත කොට ඇත.

එහි UltraPixel 4ක් අඩංගු බව ඔවුන් පවසනවා.Megapixel වල සහ Ultrapixel අතර වෙනස බැලූ කල්හි Megapixel වල කුඩාකොටු විශාල ප්‍රමාණයක් බාවිතා කිරීම සහ Ultrapixel වල විශාල කොටු කුඩා ප්‍රමාණයක් බාවිතා කිරීම අපට ගන්න පුලුවන්.මේ දෙක අතර වෙනස වන්නේ Megapixel වලදී Noise ගතිය වැඩි අතර විශාල තොරතුරු ප්‍රමාණයක් අපට ලබා දේ.

Ultrapixel වලදී Noise ගතිය අඩුවන අතර අපට ලැබෙන තොරතුරු ප්‍රමාණය වැඩිය.මෙම HTC On හි අඩංගු කැමරාවට නව විශේශාංග ගණනාවක්ම පාහේ එකතු කර ඇති අතර OIS,HDR ආදිය වගේම තවත් බොහෝ දෑ උදාහරණ වශයෙන් ගන්න පුලුවන්.මෙහි ඇති වීඩියෝ කැමරාවෙන් 1080p ආකාරයේ රූප දසුන් ලබා ගැනීමේ පහසුකමද අපට ලබාදී තිබෙනවා.




Secondary Camera:-

HTC On හි අඩංගු ඉදිරිපස කැමරාව ඉතාමත් පැහැදිලි වෙනසකට HTC සමාගම පත්කර තිබෙනවා.එනම් ප්‍රථම වතාවට ඉදිරිපස කැමරාවටද HDR තාක්ශණය ඇතුලත් කර තිබෙනවා.ඇත්තටම එමගින්ද ඉතා පැහැදිලි   ඦායා රූප ලබාගැනීමේ හැකියාව තිබෙනවා. 2.1MP වන පරිදි නිපදවා තිබෙන මෙමගින් 1080p ගණයේ වීඩියෝ දසුන් ලබාගැනීමේ හැකියාව තිබෙනවා.

Battery And Other Specs 

HTC One එකෙහි අඩංගු වන බැටරිය මාරු කල නොහැකි වර්ගයේ එකකි.මේක සීල් කරල තමයි එන්නෙ.මෙහි යොදාගෙන තියෙන බැටරිය Li-Po 2300 වන අතර HTC සමාගම පවසන අන්දමට දවසක් පුරාවට කිසිදු කරදයකින් තොරව මෙය බාවිතා කල හැක.නමුත් මගේ මතය නම් මේ බැටරි එක මදි කියන එක තමයි.හැබැයි ඉතින් අපි බාවිතා කරන ආකාරයට තමයි බැටරිය පවතින්නෙ.. ;) HTC One එකට OfficiallY Beats By Dr.Dre Supported කරනවා.නමුත් HTC One එකට එන්නෙ නම් Beats HeadSet එකක් නෙමෙයි.වෙන අමුතු මොඩල් එකක HeadSet එකක්.අපි Beats HeadSet එකක් ගන්න අවශය නම් අමතර මුදලක් ඒ වෙනුවෙන් වැය කලයුතු වෙනවා. 



HTC One එකේ ගාණ හරියටම කියන්න අමාරුයි.ඒකට හේතුව තමයි තාම මේක වෙළදපොළට දාල නෑ.නමුත් ඔයාට මේක Ebay එකෙන් හරි වෙන ඒ වගේ ක්‍රමයකින් Pre-Order කරන්න පුලුවන්.හැබැයි Shipping කරන දවස වෙන්නෙ April 19 තමයි.ඒ කියන්නෙ ඔයා අද ඒක ඕඩර් කරත් එහෙන් එවන්නෙ 19 තමයි.EbaY එකෙන් ගන්නා විටදී ShippinG Free දැම්මොත් රුපියල් 100000 කට මේකේ 32GB Version එක ගන්න පුලුවන්.Shipping එක්ක ගත්තොත් රුපියල් 105000 කට ගන්න පුලුවන්.මගේ මතය නම්,ෆට්ට සුපිරම ඇන්ඩ්‍රොයිඩ් ස්මාට්ෆෝන් එකක් තමා HTC One කියන්නෙ.දැනට තියෙන ස්මාටස්ට්ම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක.Samsung සමාගම සහ Sony සමාගම මේකට හොද අබියෝගයක් දෙයි කියල මම බලාපොරොත්තු වෙනවා.(මෙතන Apple සමාගම දැම්මෙ නැත්තෙ Apple කට්ටිය තරගෙට ෆෝන් හදන්නෙ නැති නිසා :ඩි) ඔන්න ඉතින් අදට මම කැපෙන්නයි හදන්නෙ.මේක මම කලින් ලියපු Review එකට වඩා(Samsung Galaxy S4) එකට වඩා හොදයිද නරකයිද කියල කොමෙන්ට් එකක් දාල යන්න හොදද යාලුවනේ..කලින් එකට කොමෙන්ට් කරපු අයට බොහෝම ස්තුතියි..!! එහෙනම් මම ගියා යාලුවනේ..ටටා බායි. ;) මතක ඇතුව කොමෙන්ට් එකක් දාල යන්න...!!!




                                                                                  **xoxo**
                                                                                     **RcG NetwOrkZ**

5 comments:

Unknown said...

mehemai wireless chagrin spot karanawada meke??? loketa hamadama aulth wada mulinma denne adatath nokia!!! ay mama ehema kiyanne kiyala oyata pahadili wei lumia 920 gana hithuwath all in one

RçG ÑëtwÖrkz said...

@Asela Jayath :ඒක ඇත්ත සහෝ.!! නමුත් ලුමියා එකේ බැටරිය මදි වගේ නැද්ද>>?? Li-Ion 2000 mAh battery..එකත් කමක් නෑ..LCD capacitive touchscreen කියන එක දැන් පරණයි නේද?? දැන් Super LCD3 capacitive touchscreen එන කාලේ නෙද සහෝ..!! :) :) ThankS for your feedback :D :D Keep in touch with Us :D

Unknown said...

345ppi me i5 ekatath eha yana ppi1k nokia 920di karala thiye,

RçG ÑëtwÖrkz said...

@Asela Jayath :ඒක ඇත්ත සහෝ...!! ඒත් ඇත්තටම ppi අගය තියෙයි කියල අපිට Nokiaලගෙන් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද..???

milanaoj96 said...

Mata htc one eka camera eka gane theren na gsmarena eka tiyenna 4mp kiyela methane tiyenna 4 ultrapixel mata eka theren na mata kiyela denavada a vagema galaxy s4 ekada cam eke hoda htc one ekade kiyanna thava galaxy s4 phone ekade hoda htc one ekade kiyanna man me deken ekak gannava mata hoda eka ganna one ekayi plz kiyela denna

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS