Music Track ඕනෙද ?


හරි ඔන්න අද වැඩේට බහිමු මේකයි අපිට ඕනේ නේ සමහර songs වල එකේ music track ගන්න..මේක හැබැයි computer එකෙන් කරන එක ලේසි වෙන්නේ නැහැ .. මේවට software තිබුනත් හරියට වෙන්නේ නැහැ. Audacity කියලා soft එකක් තියනවා හැබැයි එකෙනුත් අපට ඕනේ විදියට music එක විතරක් හරියට ගන්න බැහැ..මේවා සමාන්නයෙන් හදන්නේ Fl studio වැනි software වලින්..ඉතින් මම දෙන්න යන්නේ ඒවගේ soft වලින් හදපු music track ටිකක් තමයි දෙන්න යන්නේ... මේකෙන් Sinhala , English music tracks ගන්න පුළුවන් . මම දෙන්නම් එවල links ඔයගොල්ලන් ගිහිල්ලා download කරගන්න. මේක හුගක් දෙනෙක්ට උවමනා වන්නේ music කරන කට්ටියට තමයි.. බලන්නකෝ මේවා හොදයි ද කියලා ..


WI FI තාක්ෂණය


සුබ දවසක් යාළුවනේ, ඉතින් ඔන්න මම අදත් පොඩි දෙයක් කියලා දෙන්න හිතුවා, කොහොම හරි, ඔබේ දැනුමට දෙයක් එකතු කරගන්නට මේ ලිපියෙන් පුළුවන් වුනා නම් ඒ ඇති....ඉතින් අපි එහෙනම් මේ කතාවේ ආරම්බයේ ඉදන් ලිපිය අරබමු.




1991 දී වයි-ෆයි තාක්ෂණය සොයා ගත්තේ ඒටී ඇන්ඩ් ටී සහ එන්සීආර් කෝපරේෂන් (AT&T, NCR Corporation) නම් ආයතන දෙක එක්වය. මෙහි පුරෝගාමියා වූ වික් හේයස් සැලකුම් ලබන්නේ වයි-ෆයි තාක්ෂණයේ පියා ලෙසය. මොහු මෙම තාක්ෂණය ලොවට දායාද කලත් මේ වන විට මේ පිළිබදව සම්පූර්ණ බලය තිබෙන්නේ, Wi-Fi Alliance නම් ජාත්‍යන්තර මට්ටමේ සමාගමකටය.


රැහැන් රහිත ක්‍රමයට වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවයක් ලබා දෙන්නට අද තිබෙන හොදම තාක්ෂණය වයි-ෆයි ය. අනෙක් අතට දුප්පත් රටවල ලාභදායී ක්‍රමයකට අන්තරජාලය ලබා දෙන්නට මේ හොද මෙවලමකි. වයි-ෆයි තාක්ෂණය කෙතරම් ප්‍රයෝජනවත්ව යොදා ගත හැකිද කිවහොත් දියුණු රටවල් දැනට සිට ගම් නගර වලට වයි-ෆයි තාක්ෂණයෙන් නොමිලේ ඉන්ටර්ට් ලබා දෙයි.

Windows සහ Office සිංහලෙන්


සුබ දවසක් ඔයාලට..... මේ නොදන්න අයට විතරයි!, ඔන්න මුලින්ම කිව්වා, මේකයි ගොඩක් දෙනෙක් නොදන්නවා වෙන්න පුළුවන්, ඒ තමයි අපේ භාවිත කරන වින්ඩෝස් විස්ටා සහ වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධති දෙක අපේ තාලෙට ගන්න පුළුවන් විත්තිය. ඒ කියන්නේMicrosoft එකේ අපිටම වෙන්වූ වෙබ් පිටුවක් තියෙනවා, මේ වෙබ් පිටුවෙන් අපිට අපේ සිංහල භාෂාවට අයත් Language Pack නොමිලේDownload කරගන්න පුළුවන්, මේ Language Pack, වින්ඩෝස් විස්ටා සහ 7 සදහා පමණයි, ඒ වගේම මෙහිදී Microsoft Office Pacageඑකත් සිංහලට හරවා ගන්න පුළුවනි. එයට අපි කල යුත්තේ එතා පහසු පියවරවල් කිහිපයක් පමනි, ඒ වගේම මේ සිංහල Language packඑක Install කලා කියලා වින්ඩෝස් එක සදාකිලිකං සිංහල වෙන්නෙ නෑ....අපිට අවශ්‍ය වෙලාවට භාෂා දෙක අතර මාරුවීමේ හැකියාව තිබෙනවා, ඔබත් කැමතිනම් ඔබේ වින්ඩෝස් එක වෙස් පෙරලන්න, පහත වෙබ් අඩවියට ගිහින් එය සිදුකර ගැනීමේ හැකියාව තිබෙනවා......