

ඔයාලා හැමෝම Films,TV Series එහෙම බලද්දි ගොඩක් වෙලාවට ඒවට හරියන Subtitle එක හොයාගන්න ලොකු කට්ටක් කන්න වෙනවනෙ.ඉතින් මම කියලා දෙන්න යන්නෙ ලේසියෙන්ම හොයාගන්න විදියක් තමයි.(සිංහල Subtitles උනත් මේකෙන් හොයන්න පුලුවන් ඒත් දැනට නම්
සීමිත සබ්ටයිටල්ස් ප්‍රමාණයක් තමයි තියෙන්නෙ.ඒත් English Subtitles නම් පහසුවෙන්ම පුලුවන්)
මුලින්ම ඔයගෙ PC එකට VLC Install කරලා තියෙන්න ඕන මේක කරන්න. ඒ වගෙම Internet Connection එකක් තිබීම අවශ්‍යයි.පහල දාලා තියෙනවා VLC Player එකේ ඩවුන්ලෝඩ් ලින්ක් එක.අවශ්‍ය අය ඩවුන්ලෝඩ් කරගන්න.
😉

ඔයාලට බලන්න ඕන Movie එක හරි Tv Series Episode එක හරි VLC ප්ලේයර් එකෙන් ඕපන් කරගන්න.ඊට පස්සෙ VLC Player එකේ View ක්ලික් කරලා ඒකෙ තියෙන Download Subtitles කියන එක මත ක්ලික් කරන්න.(ඔයාලට එහෙම Download Subtitle කියලා Feature එකක් පෙන්නන්නෙ නැත්‍තම් හරි Download Subtitle කියන එක වැඩ කරන්නෙ නැත්‍තම් හරි පහල කියවන්න)
එහෙම ක්ලික් කරාට පස්සෙ පොඩි Window එකක් ඔයාලට දැක ගන්න පුලුවන් වෙයි.මේ වින්ඩෝ එකෙන් ඔයාලට අවශ්‍ය කරන Subtitle Language එක තෝරලා ඊට යටින් තියෙන Title කියන එකට අදාල Film එකේ හරි TV Series එකේ හරි නම ඇතුලත් කරන්න.ඊට පස්සෙ තියෙන Season,Episode කියන දෙකට ඔයාලා බලන්න හදන්නෙ TV Series එකක් නම් විතරක් අදාල Season එකේ සහ Episode නම්බර් එක යොදා Search By Name දෙන්න.(හුගක් වෙලාවට මෙම Title,Season,Episode තොරතුරු ටික ඉබේම පිරවෙනවා).කෙටි කාලයකට පසුව ඔබට අදාල Subtitle එක එතනම යට ඇති සුදු පාට කොටුවේ දකින්නට ලැබෙයි.(අන්තර්ජාල සබදතාවයේ වේගය මත ගතවන කාලය වෙනස් වේ).එසේ සොයාගැනීමට නොහැකි උවහොත් Search By Hash මත ක්ලික් කරන්න.
එතනින් හරියටම Sync වෙන Subtitle එක ක්ලික් කරලා පහලින් තියෙන Download Subtitle කියල තියෙන Button එක ක්ලික් කර ගමන් ඉබේම සබ්ටයිල් එක වීඩියෝ එකට ඇඩ් වේ.ඉන්පසුව Close බටන් එක ක්ලික් කරලා වීඩියෝ එක බලන්නයි තියෙන්නෙ
👨💻

Download Subtitle කියලා Feature එක පේන්නෙ නැති හෝ මේක හරියට වැඩ කරන්නෙ නැති කට්ටිය VLC Player එක Open කර තිබේ නම් Close කරගන්න
🙅♂️

ඉන්පසුව ඉහත ලින්ක් එකේ තියෙන Extension එක ඩවුන්ලෝඩ් කරගන්න.ඉන්පසුව එම File එක Program Files වල VideoLAN Folder එකට ගොස් VLC එකේ lua කියන Folder එකේ ඇති extensions Folder එක ඇතුලට Paste කරගන්න.
Example :-
Windows
C:\ProgramFiles\VideoLAN\VLC\lua\extensions\
C:\ProgramFiles\VideoLAN\VLC\lua\extensions\
Linux
/usr/lib/vlc/lua/extensions/
/usr/lib/vlc/lua/extensions/
MAC OS X
/Users/<username>/library/Application Support/org.videolan.vlc/lua/extensions/
/Users/<username>/library/Application Support/org.videolan.vlc/lua/extensions/
ඉන්පසුව VLC Player එක Open කර එහි View මත ක්ලික් කරන්න.ඔබට VLsub යනුවෙන් Option එකක් දැකගැනීමට හැකි අතර එය මත ක්ලික් කර ඉහත සදහන් ආකාරයට තොරතුරු ඇතුලත් කර ඔබට අවශ්‍ය Subtitle එක ඩවුන්ලෝඩ් කරගන්න.මෙම Option එක දැකගැනීමට නොහැකි නම් ඉහත පියවර හොදින් කියවා නැවත උත්සහ කරන්න.එහෙමත් හරි ගියේ නැත්‍තම් VLC Player එක Update කරලා බලන්න.
වැඩේ සාර්ථකයි නම් කමෙන්ට් එකක් දාලා සප් එකක් දෙමු
😍 යාලුවන්ටත් දැනගන්න ශෙයාර් පාරක් දෙමු
😘 මේ වගේ පෝස්ට් දිගටම දාන්න ඕනද නැද්ද කියලත් කමෙන්ට් එකකින් කියමු
😍
😘
xoxo RcG NetwOrkz




xoxo RcG NetwOrkz